අරගලයෙන් විනාශ වූ බස් හිමියන්ට කිසිදු සහනයක් නෑ

අරගලය අතරතුර මැයි 09 වැනිදා රටේ සිදුවු සිදුවීමට වසරක් ගත වූවත්, ගිනි තබා විනාශ කළ බස්රථ 32 ක් සහ අර්ධ හානි සිදු වූ රථ 50 කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් කිසිදු වන්දි ප්‍රදානයක් මේ දක්වා සිදුකර නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටී.
වන්දි නොලැබුණු නිසා බස් රථ හිමියන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දී ඇති බවත්, බස්රථ සේවකයන්ට මේ දක්වා රැකියාව අහිමි වී ඇති බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
විපතට පත් දේශපාලනඥයන් වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් රජය මගින් සකස් කළද, විනාශ වූ බස් රථ වෙනුවෙන් එවැනි කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.
262 Views
Comments