වෛද්‍ය පීඨ සිසුන්ට ජල ප්‍රහාරයක්

අද කොළඹදී පැවැති වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
රජයේ වෛද්‍ය පීඨවල ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලා සහ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ රජයේ උත්සාහයට විරෝධය පළ කරමින් දිවයිනේ සියලුම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අද පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කළේය.
කොළඹ නෙළුම් පොකුණ අසලින් ආරම්භ කළ එම විරෝධතා පා ගමන විසුරුවා හැරීමට හෝර්ටන් පෙදෙස ප්‍රදේශයේදී මෙලෙස පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
277 Views
Comments