සීනි මිල ඉහළ දැමීමට අමාත්‍ය සියඹලාපිටිය එරෙහි වෙයි

වෙළෙඳපොළේ පවතින සීනි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබේ.
ඒ ඉවත් කර තිබූ රුපියල් 3 ක රේගු බද්ද නැවත පැනවීමත් සමග සීනි කිලෝවක මිල රුපියල් 15 කින් සහ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය තීරණය කිරිම හේතුවෙනි.
අද දින පාර්ලිමේන්තුවේදීද මේ පිළිබඳව සාකච්ඡා කළ රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දී ඇත්තේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 13% කින් පහළ ගොස් ඇති බවත් ඒ නිසා ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල ගණන් 15% කින් පහළ ගොස් ඇති බවත් ය.
මෙවැනි වාතාවරණයක් තුළ මෙරට සීනි හා තිරිඟු පිටි මිල කිසිසේත්ම ඉහළ දැමීමේ හැකියාවක් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.
265 Views
Comments