ගල්කිස්සේ වෙළෙඳසැලකින් ලක්ෂ ගණනක රන් බඩු විසූ දෙදෙනෙක් දැලේ

ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ (01) දහවල් ව්‍යාපාරිකයෙකු කොල්ලකා ඇති බව වාර්තා වේ. එහිදී සැකකරුවන් විසින් මෙම ව්‍යාපාරිකයා පැළද සිටි පවුම් 28 ක් බරැති රුපියල් ලක්ෂ 60 කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සහ ලක්ෂ දෙකක පමණ මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය ප්‍රකාශ කර සිටී.
තියුණු ආයුධ සමග කොළ පැහැති ත්‍රීරෝද රථයකින් පැමිණි කොල්ලකරුවන් පිරිසක් ගල්කිස්ස පීරිස් පාරේ පිහිටි මෙම වෙළෙඳ සැලට ඇතුළුවී, ව්‍යාපාරිකයාගේ ගෙලට තියුණු ආයුධයක් තබා කොල්ලය සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
මෙම රන් භාණ්ඩ කොල්ලකෑමෙන් පසු සැකකරුවන් පලා යාමට සූදානම් වී නැවතත් පැමිණ කවුන්ටරයේ තිබූ මුදල් ද රැගෙන පළා ගොස් ඇති බව හෙළි වී තිබේ.
එම අවස්ථාවේදී වෙළෙඳසැල තුල සේවකයන් 8 දෙනෙකු පමණ සිට ඇති බව සඳහන් වේ.
කොල්ලකා ඇති රන් භාණ්ඩ අතර පවුම් 5 ක් සහ 7 ක් බර අත් පළඳනා දෙකක්, පවුම් 12 ක මාලයක්, පවුම් 1 ක් සහ 1 1/2 ක් බර පෙන්ඩන්ට් එකක්, පවුම් 1 ක් සහ පවුම් 1/2 ක් බර සුර දෙකක් තිබී ඇති බව පොලිසිය සඳහන් කර සිටියේය.
සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය ඔස්සේ විමර්ශන සිදුකළ පොලිසියට අනාවරණය වී ඇත්තේ, අදාල ත්‍රීරෝද රථය මීට දින කිහිපයකට පෙර දෙහිවල ප්‍රදේශයෙන් සොරා ගත් එකක් බවයි.
සිද්ධියට සම්බන්ධ කොල්ලකරුවන් දෙදෙනාම මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
272 Views
Comments