සෙම්බිකුලම් රක්ෂිතයේ අක්කර දෙකක් වැනසූ දෙදෙනෙක් පොලිස් දැලේ

කුච්චවේලි පොලිස් වසමේ සෙම්බිකුලම් රජයේ රක්ෂිත ප්‍රදේශයේ දී සිදු කරන ලද වැටලීමකින් අක්කර 02 ක පමණ භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පුල්මුඩේ කඳවුරේ නිලධාරීන්ට ඊයේ (01) දින ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30 ක් හා 42 ක් වන උප්පුවේලි හා පුදුකුඩුඉරිප්පු ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් කුච්චවේලි පොලිස් ස්ථානයට භාර දී ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධව කුච්චවේලි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
232 Views
Comments