ගල්ගමුවේ තැපැල් කාර්යාලය බිඳ ලක්ෂ 16ක් කොල්ලකයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

ගල්ගමුවේ තැපැල් කාර්යාලය බිඳ ලක්ෂ 16ක් කොල්ලකයි

 ගල්ගමුවේ තැපැල් කාර්යාලය බිඳ ලක්ෂ 16ක් කොල්ලකයි

ගල්ගමුව තැපැල් කාර්යාලය බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 16 කට ආසන්න මුදලක් කොල්ලකා ඇති බව වාර්තා වේ.

 

පසුගිය දින දෙකේදී යෙදී තිබූ නිවාඩුවෙන් පසු, අද (02) උදෑසන එහි සේවකයන් රාජකාරියට පැමිණ ඇති අතර, එහිදී තැපැල් කාර්යාලයේ පිටුපස දොර විවෘත කර ඇති බව නිරීක්ෂණය වී තිබේ.

 

පසුව මුදල් තිබූ සේප්පුව ද බිඳ දමා ඇති ආකාරය දැනගත් පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසියට පැමිණිලි කර තිබේ.

 

මේ හේතුවෙන් තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීම සිදු වූ බැවින් එහි සේවාව ලබා ගැනීමට පැමිණි පිරිස් අපහසුතාවයට ලක් වී ඇති බව සඳහන් වේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් වේ.

views

277 Views

Comments

arrow-up