නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
නිසි පරිදි හඳුනාගැනීමකින් සහ විධිමත් ඇගයීමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ආරම්භ කිරීම නිසා පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කරන ලද ඇතැම් ව්‍යාපෘති මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම කමිටුව පත් කළ බව වාර්තා වේ.
හිටපු භාණ්ඩාගාර ලේකම්වරයෙකු වන දයා ලියනගේ මහතා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටු විසින් සලකා බලනු ලබන ඇස්තමේන්තු ගත පිරිවැය හෝ ඊට වැඩි ඇස්තමේන්තු ගත පිරිවැයක් සහිත ව්‍යාපෘති පිළිබඳව නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇත.
242 Views
Comments