සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පංති, දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රීයේ සිට තහනම්

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පංති, දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (23) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුවඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න ඇතුලත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය ඒවා බෙදා හැරීම හා ලග තබා ගැනීම අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම ද තහනම් වේ.
මධ්‍යස්ථාන 3568ක දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලබන 29වනදා සිට ජුනි 8වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කරයි නම් හෝ උල්ලංඝනය කරයි නම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි බවයි.
296 Views
Comments