පොලිසියට අලුතෙන් බල්ලෝ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

පොලිසියට අලුතෙන් බල්ලෝ

පොලිසියට අලුතෙන් බල්ලෝ

පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා සුනඛයන් 35 ක් මිලදී ගැනීමට පොලිස් සැපයුම් කොට්ඨාසය ලංසු කැඳවා තිබේ.

 

සුවිශේෂී පුහුණුව ලත් නිල සුනඛයන් මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සිටින නමුත් ඇතැම් සුනඛයන් වයසට යෑම සහ සැලකිය යුතු සුනඛයන් සංඛ්‍යාවක් මිය යාම නිසා මෙම තීරණය ගත් බව පොලිස් මූලස්ථානයේ පවසයි.

 

පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ මේ වනවිට පොලිස් නිල සුනඛයන් හාරසියයක පමණ සිටී.

 

සුනඛයන් සැපයීමට හැකි ලංසුකරුවන්ට මුද්‍රා තබන ලද ලංසු අයැදුම්පත් ලබන මස 20 වැනිදාට පෙර පොලිස් සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත යොමුකළ යුතු අතර ඒ සඳහා රුපියල් හයලක්ෂ තිස්පන්දහස් එකසිය පනහක ලංසු බැඳුම්කරයක්ද අයැදුම්කරුවන් විසින් තැන්පත් කළ යුතු වේ.
 

views

309 Views

Comments

arrow-up