සෞඛ්‍යාරක්ෂිත නොවන රූපලාවන්‍ය ආලේපන නීතිවිරෝධීව අලෙවි කෙරෙන ජාවාරමක් හෙළිවෙයි

සෞඛ්‍යාරක්ෂිත නොවන තහනම් සංඝටක අඩංගු කර රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදනය කෙරෙන සහ ඒවා නීතිවිරෝධීව අලෙවි කෙරෙන ජාවාරමක් හෙළිදරව් වී ඇත.
ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ පස්වරුවේ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ වැටලීමක් සිදු කරන ලදී.
සෞඛ්‍යාරක්ෂිත නොවන රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදනය කෙරෙන අලෙවි කෙරෙන ස්ථානයක් එහිදී හඳුනා ගැනුණු අතර එම අලෙවි මධ්‍යස්ථානයට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගන්නා ලදී.
කෙටි කලකදී සම පැහැපත් වන බව පවසමින්මෙම තහනම් රූපලාවන්‍ය අලේපන අලෙවි කරන බව වාර්තා විය.
ශ්‍රී ලංකාවේ භාවිතයට තහනම් මිනිස් සිරුරට අහිතකර සංඝටක යොදා ගනිමින් පිළිගත් වට්ටෝරුවක් හෝ නොමැතිව ඒවා නිෂ්පාදනය කරන බව වැඩිදුරටත් සඳහන් වේ.
යම් යම් නිෂ්පාදනවල නිෂ්පාදකයෙකු හෝ ආනයනකරුවෙකු හෝ අලෙවිකරුවෙකු ද සඳහන් කර නැත.
293 Views
Comments