ඔබත් මෝඩාභිමානය බලන්න ගියා ද? - පොලිසියට උත්තර දෙන්න ලෑස්ති වෙන්න

බෞද්ධාගමට අගෞරව වන අයුරින් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කොළඹ පැවති " මෝඩාභිමානය " නම් ප්‍රහසන සංදර්ශනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ වනවිට පරීක්ෂණයක් පවත්වයි.
ප්‍රසංගයට පැමිණ සිටි පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සයිබර් අපරාධ විමර්ශන ඒකකය සමඟ කටයුතු කරමින් සිටී.
අප්‍රේල් මාසයේ කොළඹ බාලිකා විද්‍යාලයක පැවති ප්‍රසංගයක් අතරතුර බුදුදහමට සහ ක්‍රිස්තියානි ආගමට අගෞරව වන අයුරින් ප්‍රකාශ කළ බව කියන නතාෂා එදිරිසූරිය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කළේය.
සිංගප්පූරුව බලා පිටත්ව යාමට උත්සාහ කරමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේදී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත් අතර කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ජුනි මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
274 Views
Comments