බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති බේකරි නිෂ්පාදන මිල ගණන් ගැන කියන දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති බේකරි නිෂ්පාදන මිල ගණන් ගැන කියන දේ

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති බේකරි නිෂ්පාදන මිල ගණන් ගැන කියන දේ

ගෑස් මිල පහත දැමීමෙන් තම නිෂ්පාදන සඳහා සහනයක් නොලැබෙන බැවින් බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමීමක් සිදුනොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.

 

 

ගෑස් භාවිත කරමින් ආහාර නිෂ්පාදනය කරනු ලබන බේකරි පවතින්නේ සියයට විසිපහකටත් වඩා අඩු ප්‍රමාණයක් බවත් ඉතිරි බේකරි සියල්ල ඩීසල්, දර සහ විදුලිය භාවිත කරන බැවින් සමස්ථයක් ලෙස නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමේ හැකියාවක් කිසිසේත්ම නොමැති බවත් පැවසීය.

 

 

තවද, විවිධ පාර්ශ්ව විසින් ප්‍රකාශ කළද මීට පෙර ගෑස් මිල ඉහළ දැමීම්වලට ප්‍රතිචාර වශයෙන් සංගමය කිසිවිටෙක තම බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ නොදැමූ බවද සභාපතිවරයා අවධාරණය කළේය.

views

277 Views

Comments

arrow-up