බරපතළ ගුරු හිඟයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

බරපතළ ගුරු හිඟයක්

බරපතළ ගුරු හිඟයක්

ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරුවරුන්ගේ හිඟය පියවීම සඳහා ගුරුවරුන් 39,000ක් බඳවා ගැනීමට රජය සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තු සැසිවාරයකදී ප්‍රකාශ කළේය.

 

 

ගුරුවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් එකවර විශ්‍රාම යාමත් සමඟ වත්මන් ගුරු හිඟය උග්‍ර වී ඇති බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආචාර්ය ප්‍රේමජයන්ත මහතා මෙම ප්‍රකාශය කළේය. 

 

 

ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.

 

 

විද්‍යා පීඨ  ගුරුවරුන් හත්දාස් පන්සියයකට ලබන 16 වැනිදා පත්වීම් දෙනවා. ජාතික සහ පළාත් මට්ටමින් උපාධිධාරීන් විසිහයදාහක් බදවාගන්න අයදුම්පත් කැඳෙව්වා. ඒක දැන් අධිකරණය ඉදිරියේ තියෙන්නෙ. ඌන සේවා උපාධිධාරීන්ද  මේ විභාගයට අයදුම් කරලා තියෙනවා. සෙනසුරාද විභාගය පවත්වන්න තිබුණා. බ්‍රහස්පතින්දා තහනම් කළා. අපි ඒ ගැන නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා. ගණිතය, විද්‍යාව ,තාක්ෂණවේදය භාෂා  විෂයයන් සඳහා  අවශ්‍ය ගුරුවරුන්  හයදහස් බඳවා ගැනීමට  අනුමැතිය සති දෙකක් ඇතුළත ලබාගන්නව. ජාතික පාසල්වලට පළාත් පාසල්වලට ඒ සඳහා අවසර දෙනවා.අධිකරණ කටයුතු අවසන් කර ගත්තොත් අපිට ගුරුවරුන් 26,000 බඳවා ගැනීම ඉක්මනින්ම කරන්න පුළුවන්.

views

833 Views

Comments

arrow-up