මුලතිව් කැලේ කැණීම් කරමින් සිටි හමුදා කෝප්‍රල් ඇතුළු පිරිස අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

මුලතිව් කැලේ කැණීම් කරමින් සිටි හමුදා කෝප්‍රල් ඇතුළු පිරිස අත්අඩංගුවට

මුලතිව් කැලේ කැණීම් කරමින් සිටි හමුදා කෝප්‍රල් ඇතුළු පිරිස අත්අඩංගුවට

මුලතිව් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මුලතිව් අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන්  නාගචෝල රක්‍ෂිත ප්‍රදේශයේ දී මෙහෙයුමක් සිදුකර ඇත.

 

 

එහි දී නාගචෝල රක්‍ෂිතයට අනවසරෙන් ඇතුළු වී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සැක කෙරෙන ස්ථානයක අනවසරයෙන් කැණීම් කළ යුද හමුදා කෝප්‍රල්වරයෙකු සහ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

සැකකරුවන් අවුරුදු 17 සිට 62 දක්වා වයස්වල පසුවන තඹුත්තේගම, අම්බලන්තොට, මුලතිව්, මුල්ලියාවේලි, රාජාංගනය, නොච්චියාගම ඇතුළු විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බළකාය වාර්තා කළේය.

views

250 Views

Comments

arrow-up