අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන හෙට ඇරඹේ

හෙට (27) දින සිට අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29 ක් සඳහා නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන ආරම්භ කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කොට සිටී.
මුල් අදියර යටතේ දැනට ඉල්ලුම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට සහල් බෙදාදීම සිදුවනු ඇති අතර හෙට දිනයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස සහ වීරකැටිය ප්‍රදේශවල දී මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බවද අමාත්‍යාංශය කියා සිටී.
මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී මේ සඳහා යොදාගන්නා බවට වාර්තා වේ.
277 Views
Comments