අසීමිත ලෙස ගෝලීය උණුසුම ඉහළ යාම නිසා  මුහුදු මත්ස්‍යයින්ගේ ප්‍රජනන ක්‍රියාවලියට බලපෑම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

අසීමිත ලෙස ගෝලීය උණුසුම ඉහළ යාම නිසා  මුහුදු මත්ස්‍යයින්ගේ ප්‍රජනන ක්‍රියාවලියට බලපෑම්

අසීමිත ලෙස ගෝලීය උණුසුම ඉහළ යාම නිසා  මුහුදු මත්ස්‍යයින්ගේ ප්‍රජනන ක්‍රියාවලියට බලපෑම්

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ දිනෙන් දින අසීමිත ලෙස ගෝලීය උණුසුම ඉහළ යාම නිසා  මුහුදු මත්ස්‍යයින්ගේ ප්‍රජනන ක්‍රියාවලියට බලපෑම් එල්ල වන බවයි.

 

 

 

සාගර මත දේශගුණික විපර්යාසවල බලපෑම පිළිබඳ අධ්‍යයනයකින් හෙළිවී තිබෙන්නේ සාගර ජීවින් උතුරු හා දක්ෂිණ ධ්‍රැවවලට ආසන්න සීතල ජලය දෙසට ගමන් කරන බවයි.

 

 

සාගරය උණුසුම් වීම නිසා සාගර මත්ස්‍ය ගහණය ශිත ධ්‍රැව දෙසට මාරු වෙමින් හෝ ගැඹුරු ජලය වෙත ගමන් කරන බව එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සොයාගෙන ඇත.

 

 

 

මෙම අධ්‍යනයෙන් හෙළිවී ඇත්තේ මත්ස්‍යයින් වැනි සාගර ජීවීන් සඳහා, අවට ජලයේ උෂ්ණත්වය, ඔවුන්ගේ වර්ධනය සහ ප්‍රජනනය වැනි තීරණාත්මක ක්‍රියාකාරකම් වලට දැඩි බලපෑමක් එල්ල කරන බවත් , සාගර සත්ත්ව විශේෂවලට බොහෝ විට ජීවත්විය හැකි උෂ්ණත්ව පරාසයක් ඇති අතර එමඟින් ජලයේ කුඩා වෙනස්කම් පවා දරාගත නොහැකි බවයි.

 

 

 

සාගර ජීවීන්ගේ වෙනස්වීම් ගොඩබිමේ සත්ව ප්‍රතිචාරයට වඩා හත් ගුණයකින් වේගවත් වී තිබෙන බව වාර්තා වේ.

 

 

 

සියලුම ප්‍රධාන සාගර කලාපවල විහිදී ඇති සාගර සත්ත්වවිශේෂ 115ක් පිළිබඳ දත්ත Global Change Biology සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන් විමර්ශනය කර ඇත.

 

 

 

පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සාගර සත්ත්ව විශේෂයන් ශීත ධ්‍රැව දෙසට ගමන් කිරීම නිසා පරිසර පද්ධතියේ වෙනසක් සිදුවන අතර එය සැලකිය යුතු තත්ත්වයක් බවයි.

 

 

views

312 Views

Comments

arrow-up