MAY
26
කරුංකා ප්‍රතිඅපනයනය යළිත් නීතිවිරෝධීව

නීති විරෝධීව යළි සිදුවන කරුංකා ප්‍රතිඅපනයනය හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් නොලැබී යාමේ අවධානමක් මතුව තිබේ.
මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද දින අනාවරණය වුණි.
ඉන්දුනීසියාව ඇතුළු තවත් රටවලින් කරුංකා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරමින් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.
කිසිදු අගය එකතු කිරීමකින් තොරව මෙම ජාවාරම මේ වන විටද සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
230 Views
Comments