පුත්තලමේ මුස්ලිම් පාසලක විනය භාර ගුරුවරයාට පහරදීලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

පුත්තලමේ මුස්ලිම් පාසලක විනය භාර ගුරුවරයාට පහරදීලා

පුත්තලමේ මුස්ලිම් පාසලක විනය භාර ගුරුවරයාට පහරදීලා

පුත්තලම මුස්ලිම් පාසලක පසුගිය 23 වනදා විනය භාර ගුරුවරයාට පහරදීමේ සිදුවීමක් වාර්තා විය.

 

 

පාසලක විනය භාර ගුරුවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 4ක් රක්ෂිත බන්ධනාගාරයේ පසුවූ අතර ඊයේ දිනයේ සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

 

 

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සිසුන් සහ අත්අඩංගුවේ සිටි සැකකාර සිසුන් ඇප මත මුදාහැර තිබෙන බව අනාවරණය වේ.

 

 

සිද්ධිය සම්බන්ධයෙන්  ඔවුන් සියලුදෙනාම පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප කොන්දේසි මත මුදාහැර ඇත.

 

 

සාමාන්‍ය පෙළ විභාගය අවසන්වී එළඹෙන ඉරුදින සිට සෑම ඉරුදිනකම පුත්තලම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසත් නියෝග කර තිබෙන අතර එක් අයෙකුට ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් නියම කර ඇත.

 

 

නඩුව ජුනි 22 වනදා යළි කැඳවීමට නියමිතයි.

views

230 Views

Comments

arrow-up