ඉදිරියේදී පාන් හිඟයක්

ඉදිරියේදී පාන් හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ඊයේ (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ පවතින තිරිඟු පිටි හිඟය මීට හේතුවී ඇති බවය.
"ප්‍රශ්නය තියෙන්නේ ඩොලර්වල කියලා සමාගම් පවසනවා. අපි සමාගම් සමග සාකච්ඡාවක් සිදුකළා. ඔවුන් කියන්නේ අවශ්‍යකරන ඩොලර්වලින් 10%ක් තමයි ලැබෙන්නේ කියලා."
තිරිඟු පිටි මිල අධික ලෙස ඉහළ යාම නිසා මේ වනවිට බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.
552 Views
Comments