අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවන වෙළඳුන්ට වැඩ වරදියි

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවමින් පාරිභෝගිකයින් අපහසුතාවට පත්කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කරයි.
එහි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිළධාරී බී. ගොඩගම මහතා පැවසුවේ තිරිඟු පිටි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැති බව පවසමින් වෙළෙඳුන් භාණ්ඩ සඟවන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.
මේ අතර කිරිපිටි මිල පාලනය කිරිමට රජයට හැකියාවක් නොමැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.
අමාත්‍යවරයා පැවසුවේ පසුගිය කාලය තුළ අසීමිත ලාභ ලැබු කිරි පිටි ආනයනය කරනු ලබන බහුජාතික සමාගම් රටේ පවතින ආර්ථික අර්බුධය පිළිබද අවදානය යුතු බවයි.
663 Views
Comments