“ශිවන්‍යා” බලන්න බෝට්ටුවෙන් ඉන්දියාවට යන්න ගිය කුඩා දැරියන් තිදෙනෙක් පොලිස් බාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

“ශිවන්‍යා” බලන්න බෝට්ටුවෙන් ඉන්දියාවට යන්න ගිය කුඩා දැරියන් තිදෙනෙක් පොලිස් බාරයට

“ශිවන්‍යා” බලන්න බෝට්ටුවෙන් ඉන්දියාවට යන්න ගිය කුඩා දැරියන් තිදෙනෙක් පොලිස් බාරයට

රූපවාහිනි නාලිකාවක විකාශය වන ප්‍රසිද්ධ ඉන්දියානු ටෙලි නාට්‍යයක චරිත දෙකක් වන ශිවන්යා සහ ෂේෂා සියසින් දැක ගැනීමට ඉන්දියාවට යාම සඳහා නිවසින් පැන ගිය ගැහැණු දරුවන් තිදෙනකු හොරොව්පොතාන නගරයේදී ඊයේ(31) දහවල් සොයාගත් බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

 

දරුවන්ගේ දෙමාපියන් පොලිසියට සිදුකරණ පැමිණිල්ලක් මත අනුව සිදුකරනු ලැබූ විමර්ශනයකදී එලෙස පොලිස් භාරයට ගනු ලැබුවේ හොරොව්පොතාන, පහල කුබුගොල්ලෑව, ඉදිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 8, 12, සහ 13 යන වයස් සීමාවන්වල පසුවන ගැහැනු දරුවන් තිදෙනෙකි.

 

ඔවුන් ඊයේ(31) අලු‍යම 4:30ට පමණ දෙමව්පියන්ට හොරෙන් නිවසින් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.

 

නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ වල් අලි ගහන කැලෑවක් මැදින් දිවෙන මාර්ගයක වැලිමුවපොතාන හන්දිය දක්වා පාගමනින් ගොස් ඇති දරුවන් එතනදී ත්‍රිකුණාමලය සිට යාපනය බලා ගමන් කළ ලංගම බස් රථයකට අළුයම 5.30 පමණ ගොඩවී ඇති බව පොලීසිය කියයි.

 

අනතුරුව එම බස් රථයෙන් කැබිතිගොල්ලෑව නගරයට පැමිණි ඇති දරුවන් යළි කැබිතිගොල්ලෑවේ සිට කහටගස්දිගිලිය නගරය දක්වා දිවෙන බස් රථයකින් කහටගස්දිගිලිය නගරයට පැමිණ ඇත.

 

 මාර්ගය වැරදුනු බව දැනගත් ඔවුන් යළිත් කාහටගස්දිගිලිය නගරයෙන් හොරොව්පොතාන බලා දිවෙන බස් රථයකය නැග හොරොව්පොතාන  නගරයට පැමිණ යාපනයට යෑම සඳහා යාපනය බස් නවත්වන ස්ථානයේ සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ. 

 

කලක සිට “ශිවන්යා” බැලීමට තමන් සැලසුම් කර තිබුණ බවත් ඔවුන් සිටින්නේ ඉන්දියාවේ බැවින් ඉන්දියාවට යෑමට ආසන්නම නගරය යාපනය බව යහලු‍වෙකු කියූ නිසා මුලින්ම යාපනයට ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට යාම අරමුණ වූ බවත් පොලිස් භාරයට ගත් දරුවන් ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ. 

 

ඊට පෙර දෙමවුපියන්ගේ ජංගම දුරකතන භාවිත කර ඉන්දියාව පිහිටි ස්ථානය පිළිබඳ අවබෝධයක් තමන් ලබා සිටි බවත් පවසා ඇති ඔවුන් ඒ සඳහා දීර්ඝ කලක සිට මුදල් එකතු කර ුඇතැයිද  පොලිසියට පවසා ඇත.

 

පොලිස් භාරයට ගැනුණු දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා දැඩිව අවවාද කිරීමෙන් පසු යලි භාර දිමට කටයුතු කර ඇත.

views

21456 Views

Comments

arrow-up