“අපිට කෑම ගන්න උදව් කරන්න” - බන්දුල ඉන්දියාවෙන් සහ පාකිස්තානෙන් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

“අපිට කෑම ගන්න උදව් කරන්න” - බන්දුල ඉන්දියාවෙන් සහ පාකිස්තානෙන් ඉල්ලයි

“අපිට කෑම ගන්න උදව් කරන්න” - බන්දුල ඉන්දියාවෙන් සහ පාකිස්තානෙන් ඉල්ලයි

ඉදිරියේදී රට තුළ සාගතයක් ඇති විය හැකි යැයි මේ වන විටත් විවිධ පාර්ශ්ව අනතුරු අඟවා තිබීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ණය මුදලක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

 

වෙළද ඇමති බන්දුල ගුණවර්ධන මහතා අදාල රටවල වෙළද අමාත්‍යවරුන් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා ආරම්භ කර ඇති බවද දැනගන්නට ලැබේ.

 

ශ‍්‍රී ලංකාව වැඩි වශයෙන් සහල්, ලොකු ළුෑණු සහ අර්තාපල් වැනි භාණ්ඩ මිලදී ගනුලබන්නේ ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලිනි.

 

මෙම රටවල්ද ණය පහසුකම් යටතේ ශ‍්‍රී ලංකාවෙන් භාණ්ඩ ලබා ගන්නා බවත්, එබැවින් ඔවුන්ගෙන් ණය පහසුකම් මත භාණ්ඩ ලබා ගැනීම සාමාන්‍ය දෙයක් බවත්, වෙළද අමාත්‍යංශ ලේකම්වරිය භද්‍රානී ජයවර්ධන මහත්මිය පවසා ඇත.

views

731 Views

Comments

arrow-up