සිගරට් විකිණීමේ අවම වයස 21 සිට 24 දක්වා ඉහල දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

සිගරට් විකිණීමේ අවම වයස 21 සිට 24 දක්වා ඉහල දැමේ

සිගරට් විකිණීමේ අවම වයස 21 සිට 24 දක්වා ඉහල දැමේ

දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම, මිලදී ගැනීම සහ ප්‍රවර්ධනය කිරීමේ අවම වයස මෙම වසරේ සිට අවුරුදු 21 සිට 24 දක්වා වැඩි කරන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවේය.

 

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත මෙම වසරේදී(2022) වසරේදී සංශෝධනය කිරීමට තීරණය කර ඇති බැවින් අදාළ වෙනස්කම් ක්‍රියාත්මක වන බව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.

 

“දුම්කොළ සහ මධ්‍යසාර පනත සංශෝධනය වූ පසු තවත් වෙනස්කම්ද සිදු කිරීීමට නියමිතයි” යැයි ඔහු සඳහන් කළේය.

 

“දැනට පවතින පනත අනුව දුම්කොළ ප්‍රචාරණය, ප්‍රවර්ධනය සහ අනුග්‍රහය දැක්වීම තහනම්. දුම්කොළ නිෂ්පාදන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමද නව පනත යටතේ තහනම් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,” 

 

සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාලයේ සංසරණය වන දුම්කොළ නිෂ්පාදනවලට අදාළ සියලු‍ම දැන්වීම් ඉවත් කර ඇති බවද වෛද්‍ය රාජපක්ෂ මහතා කීවේය.

views

691 Views

Comments

arrow-up