JUN
18
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි දැක්ම පැහැදිලියි

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ කඩා වැටුණු රට ලෝකයට ආදර්ශයක් දෙමින් ඉතා කෙටි කාලයකදී ඔසවා තැබු රනිල්ගේ දැක්ම එංගලන්තය, ඇමරිකාව වැනි රටවල් වලට වඩා විශාල බවයි.
අබේවර්ධන මහතා තව දුරටත් පැවසුවේ වැටුණු ජාතියක් නැවත ගොඩ ගෙන ලෝකයත් සමඟ ඉදිරියට ගෙනයන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වූ බවයි.
වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම සහ අක්මීමණ මැතිවරණ කොට්ඨාශ වල බලමණ්ඩල රැස්වීම් අමතා මේ බව සඳහන් කරන ලදී.
329 Views
Comments