දුම්රියේ හොරෙන් යන පිරිස වැඩිවෙලා

ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් නිරීක්ෂණය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර, බස් ගාස්තුවට සාපේක්ෂව අඩු මුදලක් අය කෙරෙන දුම්රිය සේවය තුළින් ගමන් පහසුකම් ලබාගන්නා මගීන් එලෙස කටයුතු කිරීමෙන් දෙපාර්තමේන්තුවේ ආදායම තවදුරටත් පහත වැටෙන බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේය.
මෙම හේතුවෙන් දුම්රියේ ගමන් ගන්නා මගීන්ගෙන් අය කෙරෙන දඩ මුදල ඉහළ දැමීම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති අතර දැනට එලෙස ගමන් ගන්නා මගියෙකුගෙන් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ තවත් රුපියල් 3000.00 ක දඩ මුදලක් අය කරන බව ඔවුන් සඳහන් කර සිටී. කෙසේ වෙතත් මෙම දඩ මුදල රුපියල් 5000.00 ත් 10000.00 ත් අතර අගයක් දක්වා ඉහළ දැමිය යුතු බව ඔවුන් තවදුරටත් සඳහන් කරයි.
274 Views
Comments