ශ්‍රී ලංකාවේ ඇඟළුම් අපනයන ආදායම සීඝ්‍රයෙන් පහළ බසී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

ශ්‍රී ලංකාවේ ඇඟළුම් අපනයන ආදායම සීඝ්‍රයෙන් පහළ බසී

ශ්‍රී ලංකාවේ ඇඟළුම් අපනයන ආදායම සීඝ්‍රයෙන් පහළ බසී

මෙරට ඇඟලුම් අපනයන ආදායම මේ වන විට අඩුවෙමින් පවතින බව මහ බැංකුවේ අළුත්ම නිවේදනයක් මගින් අනාවරණය කර ගෙන ඇති බව වාර්තා වේ.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කරගෙන ඇත්තේ මාර්තු 31 වන දින නිකුත් කරන ලද පසුගිය පෙබරවාරි මාසයට අදාල විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය දැක්වෙන නිවේදනයක් මගිනි.

 

2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසයේ ඇඟලුම් අපනයන ආදායම වශයෙන් ඩොලර් මිලියන 1012.5 ක් උපයාගෙන ඇති අතර මෙම වසරේ පෙබරවාරි මාසයේදී එය ඩොලර් මිලියන 431.3 ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.

 

මහ බැංකු වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය 2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේදී ඇඟලුම් අපනයනයෙන් ඩොලර් මිලියන 1012.5 ක් උපයා ගෙන ඇති අතර මෙම වසරේ මුල් මාස දෙකේ දී එය ඩොලර් බිලියන මිලියන 855.7 දක්වා සියයට 15.5 කින් අඩු වී ඇති බවයි.

views

289 Views

Comments

arrow-up