MAR
26
පල්ලෙකැලේ සිරකඳවුරෙන් පැන ගොස් මහවැලි ගඟට බිලි වූ රැඳවියාගේ සිරුර හමු වෙයි

34 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ සිට මහවැලි ගඟ හරහා පළා යමින් සිටිය දී ගඟට වැටී දියේ ගිලී අතුරුදන්වූ රැඳවියාගේ මළ සිරුර හමු වී ඇති බව වාර්තා වේ.
ඊයේ (25) මෙමරැඳවියා සිර කඳවුරෙන් පළා ගොස් ඇති අතර, පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට යෑමේ දී මහවැලි ගඟට පැන බේරී යාමට තැත් කළ බව වාර්තා වන අතර, පල්ලෙකැලේ පොලිසිය, නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔහුගේ මළසිරුර සොයාගෙන ඇති බව වාර්තා වේ.
221 Views
Comments