ශවේන්ද්‍රට එරෙහිව යාපනේ විරෝධතා

යාපනය නාවක්කුලි සමිද්ධි සුමන විහාරය සංවිධානය කළ ආගමික වැඩසටහනක් සඳහා ඊයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැමිණි අවස්ථාවේදී, ඔහුට එරෙහිව විරෝධතාවක් පැවති බව වාර්තා වේ.
මෙම විරෝධතාව සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ දෙකක මන්ත්‍රීවරු හා යාපනය ස්වේච්ඡා සංවිධාන වල කිහිප දෙනෙකු සහභාගි වූ බව ද වාර්තා වේ.
ජාතිවාදය හා දේශපාලනය කරපින්නා ගෙන කටයුතු කරන, දෙමළ ජන සංහාරයට සම්බන්ධ හමුදා නිලධාරියකු යාපනයේ බෞද්ධ උරුමයන් ස්ථාපිත කිරීම සඳහා නොපැමිණිය යුතු බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ට එරෙහි විරෝධතාවයේදී විරෝධතාකරුවන් පුවරු ප්‍රදර්ශනය කරමින් පවසා ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් පොලිසිය හා හමුදාව එක්ව විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් පසුව යාපනය නාවක්කුලි සමිද්ධි සුමන විහාරයේ ආගමික කටයුතු සිදු කර තිබේ.
278 Views
Comments