යතුරුපැදියක් ඇලකට පෙරළීමෙන් පාසල් සිසුවෙක් මරු දකී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

යතුරුපැදියක් ඇලකට පෙරළීමෙන් පාසල් සිසුවෙක් මරු දකී

යතුරුපැදියක් ඇලකට පෙරළීමෙන් පාසල් සිසුවෙක් මරු දකී

කලුදෑවල - අතරගල්ල මාර්ගයේ යතුරුපැදි අනතුරකින් පිරිමි ළමයෙකු මියගොස් තිබේ.

 

මෙම පිරිමි ළමයා තවත් දෙදෙනකු සමඟ යතුරුපැදියක් පදවා ගෙන යමින් සිටියදී, එය පාලනය කර ගැනීමට නොහැකිව අතරගල්ල වැවේ සිට පාලුකඩවල වැවට ජලය ගෙන යන පේමිණී ඇලට පෙරලීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

 

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදි කරුවන් දෙදෙනා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, යතුරුපැදිය පැදවූ පිරිමි ළමයා මියගොස් ඇති බව වාර්තා වේ.

 

මෙසේ මියගොස් ඇත්තේ පහළොස් හැවිරිදි ගල්ගමුව, මකුලාව ප්‍රදේශයේ පදිංචි දිඹුලාගල මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු බව සඳහන් වේ.

 

මෙම පිරිමි ළමයින් තුන් දෙනා සල්පිලක් නැරඹීමට අතරගල්ලට ගොස් එන අතරමග දී යතුරුපැදිය පේමිණී ඇළට පෙරළී ඇති අතර, මියගිය සිසුවාගේ මව සහ පියා නොමැති බවද, මිත්තණිය සමග ජීවත් වී ඇති බවටද අනාවරණය වී තිබේ.

 

ඔහුගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාරදී ඇති අතර ගල්ගමුව පොලිසිය විසින් පරීක්ෂණ සිදු කෙරේ.

views

227 Views

Comments

arrow-up