කඩෙන් ගෙනා මවුන්ටන් බයිසිකලය විදුලියෙන් දුවන්න හැදූ ආණමඩුවේ දක්ෂයා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

කඩෙන් ගෙනා මවුන්ටන් බයිසිකලය විදුලියෙන් දුවන්න හැදූ ආණමඩුවේ දක්ෂයා

කඩෙන් ගෙනා මවුන්ටන් බයිසිකලය විදුලියෙන් දුවන්න හැදූ ආණමඩුවේ දක්ෂයා

ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අයේෂ මංගල දිසානායක නමැති සිසුවෙක් මවුන්ටන් වර්ගයේ පාපැදියක් විදුලියෙන් ක්‍රියාත්මක වන පාපැදියක් ලෙසට පරිවර්තනය කර තිබෙන බව වාර්තා වේ.

 

එය වෙළෙඳපොලේ ඇති විදුලි පාපැදියකටත් වඩා වැඩි ආකර්ෂණයකින් නිර්මාණය කිරීමට සමත් වී තිබෙන බව ද වාර්තා වේ.

 

කිසිදු තාක්ෂණික පාඨමාලාවක් හෝ ඒ සම්බන්ධ හැදෑරීමක් සිදු කර නොමැති මෙම සිසුවා, මීට අදාළ දැනුම ලබාගෙන ඇත්තේ අන්තර්ජාලය පරිශීලනය කිරීමෙනි.

 

මෙම පාපැදිය විදුලියෙන් ධාවනය වන ලෙසට මුලින්ම නවීකරණය කර ඇත්තේ මීට වසර දෙකකට පමණ පෙර බවත්, ඒ සඳහා විදුලියෙන් ධාවනය වන යතුරුපැදිවල ඉවත දමන ලද කොටස් හා ඉවත දමන ලද පරිගණකවල බැටරි ඇතුළු දෑ යොදා ගත් බවත්, සිසුවා පවසා සිටී.

 

ධාවනය වන විට වේගය දැනගැනීමට Digital Display එකක් සහ විදුලි ආලෝක පහන් පමණක් මිලදී ගත් බව ද සඳහන් වේ.

views

250 Views

Comments

arrow-up