ලංකාවේ පශු සම්පත නංවන්න ඉන්දීය සහය

කෘෂිකර්ම අමාත්‍යාශය සඳහන් කරනුයේ ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රය නගා සිටුවීමට පූර්ණ සහාය ලබාදීමට ඉන්දීය රජය එකඟතාවය පළ කර ඇති බවයි.
ඒ අනුව ඉන්දියාවේ පශු සම්පත් ගොවිපොල වල දැනට භාවිතා කරන ඉහළ තාක්ෂණික දැනුම මෙරටට ලබාදීමට අපේක්ෂිත බව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කර ඇති අතර, ජනාධිපතිවරයා හමුවේ ද එකඟතාව පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටී.
පසුගිය වසරේ මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය පහත වැටීම හේතුවෙන් සමස්ත කර්මාන්තය 19% කින් පමණ අඩු වී තිබුණු අතර, වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි උසස් වර්ගයේ ගවයින් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ද ඉන්දීය රජය එකඟතාව පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.
220 Views
Comments