සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට කෙරෙන විශේෂ නිවේදනය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට කෙරෙන විශේෂ නිවේදනය

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට කෙරෙන විශේෂ නිවේදනය

පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

විශේෂයෙන්ම මෙම කාලසීමාව තුළදී ශරීරයට සිසිලසක් ඇති කරන කොමඩු වැනි පලතුරු පරිභෝජනය කළ යුතු බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය යෝජනා කර ඇත.

 

 

එළිමහනේ වැඩි කාලයක් ගත කරන්නේ නම් විජලනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ජලය පානය කිරීම ඉතා වැදගත් බව ඇය අවධාරණය කරයි.

 

 

වැඩිහිටියන්, ළමුන්, ගර්භනී කාන්තාවන් සහ එළිමහනේ වැඩ කරන පුද්ගලයන් අධික තාපයට නිරාවරණය වීම වළක්වා ගැනීමට සහ තාපය ආශ්‍රිත රෝගාබාධ වළක්වා ගැනීමට අමතර පූර්වාරක්ෂාවන් ගත යුතු බවද වෛද්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

views

279 Views

Comments

arrow-up