MAR
09
විදුලි බිලට එරෙහිව ඊයේ රාත්‍රියේ බදුල්ලේදී පන්දම් දල්වාගෙන විරෝධතාවයක්

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් ඊයේ බදුල්ල නගරයේ දී පවත්වා ඇති බව වාර්තා වේ.
විදුලි බිල වැඩි වීම, බදු බර වැඩිවීම සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව, පන්දම් දල්වාගෙන බදුල්ල බස් නැවතුම්පොළ ඉදිරියට පැමිණි පිරිස එහි විරෝධතාවයේ නිරත වූයේ ජනතාවට සහන ලබා දෙන ලෙසට බලකරමිනි.
මෙම විරෝධතාවය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසක් එක්ව සිටි බවද වාර්තා වේ.
275 Views
Comments