ජනාධිපති මාධ්‍ය අංශයට එරෙහිව මැතිවරණ කොමිසම පොලිසියට

මැතිවරණ කොමිසම විසින් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ, ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරන අයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීමක් පිළිබඳව සොයා බැලීමටය.
මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත පැමිණිල්ලේ සඳහන් වන්නේ, අදාල පුද්ගලයා විසින් WhatsApp ජාලය හරහා මැතිවරණ නීතිය උල්ලංඝනය වන ලෙස අසත්‍ය ප්‍රචාර පතුරුවා ඇති බවයි.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් කළ පැමිණිල්ලක් පදනම් කරගෙන මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ, මැතිවරණ කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස්වරයකු විසිනි.
193 Views
Comments