ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඉඩම් පුද්ගලික අංශයට පවරන සැලසුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඉඩම් පුද්ගලික අංශයට පවරන සැලසුමක්

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඉඩම් පුද්ගලික අංශයට පවරන සැලසුමක්

ලංගම සුරැකීමේ සංවිධානය සඳහන් කරන්නේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ පිහිටි භූමියෙන් කොටසක් පෞද්ගලික අංශයට පැවරීමට රජය සැලසුම් කර ඇති බවයි.

 

සංගමයේ සංවිධායක එම්. ඩබ්. ඒ. කේ. ප්‍රියංකර ර මහතා පවසන්නේ මේ යටතේ මුළුමනින්ම ඩිපෝ තුනක ඉඩම් කොටස් පෞද්ගලික අංශයට බදු දීමට සැලසුම් කර ඇති බවයි.

 

හැටන්, තලංගම හා මොණරාගල යන ලංගම ඩිපෝ පිහිටි ඉඩම් කොටස් මේ ආකාරයට පෞද්ගලික අංශයට පැවරීමට රජය සැලසුම් කර ඇති බව ඔහු පැවසීය.

 

තවදුරටත් ප්‍රියංකර මහතා කියා සිටියේ, මෙම ඉඩම් පෞද්ගලික අංශයට පැවරීමෙන් විවිධ ගැටළු ඇති වන බවත්, ඊට එරෙහිව විරෝධතා සිදුකරන බවත් ය.

views

205 Views

Comments

arrow-up