කැබ් රථයක් ත්‍රිරෝද රථයක හා මෝටර් රථයක ගැටීමෙන් අනතුරක්

ඊයේ (25) සවස 6:30ට පමණ අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක හා මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
ගිනිගත්හේන ප්‍රධන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ මෝටර් රථය ගමන් ගත් දෙදෙනෙකු හා කැබ් රථයේ රියදුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ගිනිගත්හේන සිට නාවලපිටියට දෙසට අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථය වේගය පාලනය කරගත නොහැකිව නාවලපිටියේ සිට ගිනිගත්හේන දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක පළමුව ගැටී ඇත.
පසුව එම දිශාවටම ධාවනය වූ මෝටර් රථයක ද ගැටී තිබේ.
අනතුරෙන් ත්‍රිරෝද රථය සහ කැබ් රථය වෙල්යායකට පෙරළී ඇත.
අනතුරෙන් පසුව කැබ් රථයේ රියැදුරු එම ස්ථානයෙන් පළාගොස් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් වී ඇත.
අනෙකුත් තුවාලකරුවන්ව අඹගමුව ප්‍රදේශවාසීන් විසින් රෝහල් ගත කර තිබේ.
ගිනිගත්හේන පොලීසිය විසින් අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
315 Views
Comments