AUG
29
හොරෙන් දැව කැපූවන් කොටුවේ

බලපත්‍ර රහිතව දැව ප්‍රවාහනය යෙදෙන පුද්ගලයන් සිව් දෙනෙකු වනාතවිල්ලුව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න වටිනාකමින් යුත් දැව තොගයක් හා ලොරි රථ තුනක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ පුද්ගලයන් දිගු කාලයක් තිස්සේ නීති විරෝධී ලෙස ජංගම කියත් ආධාරයෙන් තේක්ක, කොහොඹ ආදී දැව කඳන් කපා හොර රහසේ ප්‍රවාහනය කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
242 Views
Comments