ගණන් ඉස්සූ භූමිතෙල් නිසා මාලු‍ මිල තුන් ගුණයකින් ඉහලට?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

ගණන් ඉස්සූ භූමිතෙල් නිසා මාලු‍ මිල තුන් ගුණයකින් ඉහලට?

ගණන් ඉස්සූ භූමිතෙල් නිසා මාලු‍ මිල තුන් ගුණයකින් ඉහලට?

භූමිතෙල් මිල සියයට 290කින් පමණ ඉහළ දැමීම ධීවර ක්‍ෂේත්‍රයට එල්ල කළ දැඩි පහරක් බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පවසයි. 

 

එහි ජාතික සංවිධායක රත්න ගමගේ සඳහන් කළේ මෙම තීරණය හේතුවෙන් ලක්‍ෂ 16ක් පමණ වන ධීවර පවුල්වල යැපෙන්නන් මෙන්ම මෙරට පොදු ජනතාවද පීඩාවට පත් වන බවයි. 

 

භූමිතෙල් මිල වැඩි කළ ප්‍රතිශතය අනුව මාලු‍ මිල ගණන් තුන් ගුණයකින් පමණ ඉහළ යනු ඇති බව ජාතික ධීවර මහා සම්මේලනයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් අසංක ප්‍රනාන්දු පැවසීය.

 

භූමිතෙල් මිල වැඩි කිරීම පවතින ජීවන වියදම හමුවේ තමන්ට දරා ගැනීමට නොහැකි බව වතු කම්කරුවන් ද පවසයි. 

 

ගෑස්, විදුලිය සහ අනෙකුත් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට වඩා භූමිතෙල් මිල ඉහළ දැමීම තමන්ට දැඩිව බලපාන බව ඔවුන් පෙන්වා දෙයි.

views

309 Views

Comments

arrow-up