මැයි 09 වනදා සිදුවීමටත් ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි - උදය ගම්මන්පිල

මැයි 09 වනදා සිට ජූලි 12 වනදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
එසේම ජනතාව අද මුහුණ දෙන දුෂ්කරතා බිහිවුණේ වංචා, දූෂණ, නොසැලකිල්ල සහ හිතාමතා ගත් වැරදි බැවින් ඊට වගකිව යුත්තන් සෙවීමටද ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව ඒ මහතා සඳහන් කරයි.
එවැනි කොමිසමක් පත් කළ හොත් මේ රට මේ තැන්ට ඇද දැමීමට නොසැලකිල්ලෙන් වැරදි තීරණ ගනිමින් කටයුතු කළේ කවුදැයි සාක්ෂියක් සහිතව කරුණු දක්වන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි.
අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
266 Views
Comments