මිත්තණියගේ රැකවරණය යටතේ සිටි කුඩා දැරියන්ගේ මුහුණුවල මිරිස් කුඩු දියකර ගෑ නරුම මාමා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

මිත්තණියගේ රැකවරණය යටතේ සිටි කුඩා දැරියන්ගේ මුහුණුවල මිරිස් කුඩු දියකර ගෑ නරුම මාමා අත්අඩංගුවට

මිත්තණියගේ රැකවරණය යටතේ සිටි කුඩා දැරියන්ගේ මුහුණුවල මිරිස් කුඩු දියකර ගෑ නරුම මාමා අත්අඩංගුවට

ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය ප්‍රදේශයේ පදිංචි මිත්තණියගේ රැකවරණය යටතේ සිටි වයස අවුරුදු 13 සහ 09 වයසැති දැරියන් දෙදෙනෙකුට අඩත්තේට්ටම් කල බව කියන දැරියන්ගේ මාමා වන 28 හැවිරිදි එක්දරු පියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම දැරියන්ගේ පියා ඔවුන් හැරගොස් ඇති අතර මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටී.

 

දැරියන් දෙදෙනා මිත්තණිය විසින් රැකබලාගන්නා අතර මවගේ බාල සහෝදරයෙකු විසින් දැරියන් දෙදෙනාට පහරදී මිරිස් කුඩු දියකර මුහුණුවල ගා තිබේ.

 

සිදුවීම සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 

 

වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

816 Views

Comments

arrow-up