පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණය කළ 08ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණය කළ 08ක් අත්අඩංගුවට

පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණය කළ 08ක් අත්අඩංගුවට

පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මියයෑම සම්බන්ධයෙන් පසුගිය 17 වනදා උද්ඝෝෂණයක නිරත වූ පුද්ගලයින් 08 දෙනෙකු පොලීසිය විසින් ඊයේ(26) අත්අඩංගුවට ගෙන ඇත.

 

එම සැකකරු පනාමුර පොලිස් ස්ථානයේදී ගෙල වැලලාගෙන මියගොස් තිබුණූ අතර එම සිද්ධිය සැක සහිත බවත් සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය බවත් පවසමින් පිරිසක් විරෝධය පාමින් පනාමුර පොලීසිය ඉදිරිපිට ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ පැවැත්විය.  

 

එම අවස්ථාවේදී විරෝධතාකරුවන් පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වැඩිදුර විමර්ශන පවත්වා හඳුනාගත් සැකකරුවන් 08 දෙනෙකු ඊයේ(26) දින පනාමුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පැවසීය.


අදාළ සැකකරුවන් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් 10,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැර තිබේ.  

views

726 Views

Comments

arrow-up