රජය අඩියක් පසුපසට ගනී - තේ වගාවට අවශ්‍ය පොහොර ආනයනයට අවසර

රජය විසින් තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී යොමුවූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පැවසූයේ මෙම වසරේ අපේක්ෂිත තේ නිෂ්පාදනය මේ වෙනවිටත් ඉක්මවා ගොස් ඇති බවයි.
"බොහෝම පැහැදිලි සහතිකයක් අපි ලබාදීලා තියෙනවා. තේ වගාවට අවශ්‍ය පොහොර ආනයනය කරලා තියෙනවා. දැන් ලැබෙමින් පවතිනවා. ගිය වසරට සාපේක්ෂව දැනටමත් අපේ පුරෝකතනයට අනුව තේ වගාව ගිය අවුරුද්දේ මේ රටේ නිෂ්පාදනය වුණේ තේ කිලෝ මිලියන 280යි. දැනටමත් ඒ ප්‍රමාණය ඉක්මවා ගොස් තියෙන්නේ. මේ අවුරුද්දේ කිලෝ 310ක ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. පොහොර පිළිබඳ ගැටලුවක් නෑ. ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම පොල්වලින් ලැබෙන්නේ මේ අවුරුද්දේ. අපිට ඩොලර් බිලියනයක ආදායමක් ලැබෙනවා. රබර්වල ඉතිහාසයේ වැඩිම අපනයනය ආදායම ලැබෙන්නේ මේ අවුරුද්දේ. ඩොලර් බිලියනය ඉක්මවා ගිය ආදායමක්. අපනයනය කෘෂි භෝග අංශයේ වැඩිම ආදායම ඉතිහාසයේ ලැබෙන්නේ මේ අවුරුද්දේ ඩොලර් මිලියන 800ක ආදායමක් ලැබෙනවා. තේවල ආදායම වැඩිවුණේ නැති වුණාට ස්ථාවර මට්ටමක තියෙනවා."
674 Views
Comments