අනියම් පෙමක් ඇවිලෙයි - බිරිඳට සහ දරු දෙදෙනාට මන්නෙන් කොටා සැමියා වස බී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

අනියම් පෙමක් ඇවිලෙයි - බිරිඳට සහ දරු දෙදෙනාට මන්නෙන් කොටා සැමියා වස බී මරුට

අනියම් පෙමක් ඇවිලෙයි - බිරිඳට සහ දරු දෙදෙනාට මන්නෙන් කොටා සැමියා වස බී මරුට

තම බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී තුවාල කර වස පානය කර රෝහල් ගතකර සිටි පුද්ගලයෙකු ඊයේ මියගොස් තිබෙනවා.

 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වන බුලත්සිංහල දිවුලකඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

 

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ බිරිඳ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

වයස අවුරුදු එකහමාරක් සහ නවයක් වන දරුවන් දෙදෙනා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 

බිරිඳට ඇති අනියම් සම්බන්ධතාවයක් පිළිබඳව කාලයක් තිස්සේ පැවැති ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති අතර බිරිඳ සහ දරුවන් දෙදෙනාට ආයුධයෙන් පහර දීමෙන් අනතුරුව පලාගිය සැමියා කැලයක සැඟව සිට තිබෙනවා.

 

එහිදී ඔහු වස පානය කර සිටියදී පොලිසියට හමුවූ අතර ඔහු මියගියේ ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කර සිටියදීය.

 

බුලත්සිංහල පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

2104 Views

Comments

arrow-up