බෑගයක තිබු කාන්තා සිරුර සම්බන්ධව යුවළක් අත්අඩංගුවට

සපුගස්කන්ද මාබිම මාර්ගයේ පිහිටි තෙල්පිරිපහදු මධ්‍යස්ථානය අසල මාර්ගයේ කැලි කසල ගොඩක ගමන් බෑගයක දමා ගොස් තිබු කාන්තාවගේ ඝාතනයේ සැකකරුවන් හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම කාන්තාව ඝාතනය කර තිබෙන්නේ මට්ටක්කුලිය නිවසකදී බවත් පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.
ඝාතනය සම්බන්ධව මිය ගිය කාන්තාවගේ යෙහෙලියක් බව කියන කාන්තාවක් සහ ඇගේ සැමියා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මළ සිරුර ප්‍රවාහනය කළ බව කියන ලොරියක්ද පොලිස්භාරයට ගෙන ඇත.
මියගිය කාන්තාව මාලිගාවත්ත මහල් නිවාස සංකර්ණයේ පදිංචිව සිටි මොහොමඩ් සාෆික් ෆාතිමා නැමැති 45 හැවිරිදි දෙදරු මවක් බවට පොලිසිය හඳුනාගෙන තිබේ.
6059 Views
Comments