මාල කැඩූ “මෙන්ඩා” අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

මාල කැඩූ “මෙන්ඩා” අත්අඩංගුවට

මාල කැඩූ “මෙන්ඩා” අත්අඩංගුවට

අලු‍ත්ගම, බේරුවල ඇතුළු ප්‍රදේශ කිහිපයක කාන්තාවන්ගේ රන්මාල කැඩූ බව කියන   “කරන්දෙණියේ මෙන්ඩා” නමින් හඳුන්වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය  පවසයි.

 

ලක්ෂ 18 කට වැඩි වටිනාකමකින් යුත් රන් දම්වැල් මෙම සැකකරු විසින් මංකොල්ල කා ඇතැයිද පොලිසිය කියයි.

 

එම රන්මාල කැඩීමට සැකකරු පැමිණ ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයෙන් සොරාගත් යතුරුපැදියකින් බවද විමර්ශන සිදුකරන බේරුවල පොලිසිය සොයාගෙන ඇත.

 

සැකකරු විසින් පැහැර ගැනුණු සියලු‍ රන්දම්වැල් උසස් කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

views

817 Views

Comments

arrow-up