රැදවියන් පිරිසක් සිර මැදිරිවලට ඇතුලු කිරීමට වැලිකඩ මෙහෙයුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

රැදවියන් පිරිසක් සිර මැදිරිවලට ඇතුලු කිරීමට වැලිකඩ මෙහෙයුමක්

රැදවියන් පිරිසක් සිර මැදිරිවලට ඇතුලු කිරීමට වැලිකඩ මෙහෙයුමක්

මාසයකට අධික කාලයක් වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ සිර මැදිරි වලින් පිටත රැඳී සිටි සිරකරුවන් පිරිස අද යළි වාට්ටුවල රඳවනු ලැබුවා. 

 

ඉකුත් සැප්තැම්බර් 20 වනදා සිට චැපල් වාට්ටුවේ වහලය මත නැග සිරකරුවන් පිරිසක් විරෝධතාවයේ නිරත වන්නේ දීර්ඝකාලීන සිරදඬුවම් විඳින තමන් නිදහස් කරන ලෙසට බල කරමින්.

 

 ඔවුන්ට සහය පළ කරමින් සිරකරුවන් 150 දෙනෙකු  චැපල් වාට්ටුවේ සිර මැදිරි වලින් පිටත පසුගිය කාල සීමාව තුළ රැඳී සිටියා.

 

ඔවුන් වර්ජනයට සහාය පළ නොකරන ඇතැම් සිරකරුවන්ට හිරිහැර සිදු කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වු බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ.

 

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් අද දිනයේ සිදුකළ මෙහෙයුමකින් සිර මැදිරි පිටත රැඳී සිටි සියලු සිරකරුවන් යළි සිර මැදිරි වල රැදවීමට පියවර ගත්  බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

views

725 Views

Comments

arrow-up