රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන ජීවන රඟමඩලෙන් බැස යයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන ජීවන රඟමඩලෙන් බැස යයි

රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන ජීවන රඟමඩලෙන් බැස යයි

ජනප්‍රිය හා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධනය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

 

සිංහල සිනමාවේ උසම නිළියක් වන විශාකා සිරිවර්ධන මහත්මිය සිනමාවට පිවිසියේ සිරි කුලරත්නගේ “අනුරාධා” සිංහල චිත්‍රපටයෙනි.

 

 “සුර දුතියෝ”‍ , ”‍සනසන්න මා”‍ යන චිත්‍රපටවල ප්‍රධාන චරිත මෙන්ම ”‍සඳ මඩල”‍, ”‍සසර චේතනා”‍, , ”‍සත්‍යා දේවි”‍ සහ ”‍ඇහැළේපොළ කුමාරිහාමි”‍ වැනි චිත්‍රපටවල උප ප්‍රධාන චරිත රඟපෑ ඇය සරසවිය සිනමා සම්මාන උළෙලේ නැගී එන නිළිය සම්මානයෙන්ද පිදුම් ලබා ඇති රංගන ශිල්පිනියකි.

 

ඇය පුංචි තිරයේ නිර්මාණ රැසකටද රංගනයෙන් දායක වී තිබේ.

 

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) කුරුණෑගලදී සිදුකිරීමට නියමිතය.

views

2762 Views

Comments

arrow-up