අධික වැසි තත්වය තවදුරටත් - මුහුදු යෑමේදී අවධානයෙන් පසුවන ලෙස උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

අධික වැසි තත්වය තවදුරටත් - මුහුදු යෑමේදී අවධානයෙන් පසුවන ලෙස උපදෙස්

අධික වැසි තත්වය තවදුරටත් - මුහුදු යෑමේදී අවධානයෙන් පසුවන ලෙස උපදෙස්

දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතී.

 

උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, සබරගමුවසහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන්, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

පුත්තලමසිට කොළඹසහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිරදක්වා වන දිශාවලින් හමා එන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිරසිට ඊසාන දක්වා වන දිශා වලින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (15-30) පමණ වේ.

 

මුලතිව් සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා වැඩි විය හැක.

 

මුලතිව් සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වාවන මුහුදු ප්‍රදේශ සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

 

ධිවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනු ලැබේ.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

953 Views

Comments

arrow-up