යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක්

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක්

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අද (24) දින සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

 

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ⁣අද ජනාධිපතිවරයා සමග පැවැත්වෙන අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය.

 

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයින් සහ නියෝජිතයින් ඊයේ පැය 05ක් පුරා සාකච්ඡාවක් පවත්වා තිබුණි.

 

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා සඳහන් කළේ,

"අපි බලාගාරයේ ගිවිසුමට විරුද්ධයි නේ. අපි ඒකමතිකභාවයකට ආවා. අත්සන් කරලා ඉවර නෑ කිසිදෙයක්. දේශපාලන බලය මතයි සියල්ල ඉවර වෙන්නේ."යනුවෙනි.

views

695 Views

Comments

arrow-up