60ට වැඩි මන්ත්‍රීවරුන්ටත් බූස්ටර් එන්නතක්

වයස අවුරුදු 60 ඉක්මවූ විවිධ සංකූලතා සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තීරණය කර තිබේ.
මන්ත්‍රීවරුන්ට තෙවෙනි මාත්‍රාව ලෙස ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් වයස 60 ඉක්මවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පසුගියදා ලිඛිතව ඉල්ලීමක් කළේය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ අනුව මෙම තීරණය ගෙන ඇත.
වයස 60 ඉක්මවූ මන්ත්‍රීවරුන්ට තෙවැනි මාත්‍රාව ලබාදීම යුද හමුදා මූලස්ථානයේදී ලබන 08 වනදා සිට 12 වනදා දක්වා උදේ 9.00සිට පස්වරු 2.00 දක්වා සිදුකිරීමට නියමිතව තිබේ.
මේ අතර පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ටද තෙවෙනි එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමට කටයුතු කරගෙන යන බව වේත්‍රධාරිවරයා පැවසුවේය.
712 Views
Comments